26.4 C
Colombo
Thursday, August 21, 2025

“ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම, අවි ආයුධ යොදා ගනිමින් සාමූහික දඬුවම් ක්‍රියාත්මක කිරීමක් හා සමාන බව චීනය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමෙන් එල්ල වන මානුෂවාදී බලපෑම් පිළිබඳ” නිල නොවන රැස්වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු ස්ථාවර නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ඊයේ(25) පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර උප නියෝජිත Geng Shuang මහතා පැවසුවේ, ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම හා ඉන් ඇති වන “බියකරු බලපෑම” ගෝලීය මානුෂවාදී අර්බුදය උග්‍ර වීමට මූලික හේතුවක් බවයි.

ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම හේතුවෙන් ආර්ථික ගැටළු ඇති වී මානුෂවාදී අර්බුදය උග්‍ර වෙමින් පවතී. එය අධිපතිවාදයේ හා බලහත්කාර දේශපාලනයේ පිළිබිඹුවක් බවද හෙතෙම සඳහන් කළේය. සියළු ආකාරයේ ඒකපාර්ශ්වික බලහත්කාරී පියවර යොදා ගැනීමට චීනය විරෝධය පළ කරයි. ගෝලීය වශයෙන් ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම හැකි ඉක්මනින් සම්පූර්ණයෙන් ඉවත් කර එහි පූර්ණ බලපෑම් අවම කිරීම පෙළඹවීම සඳහා අදාළ පාර්ශ්වයන් සමග ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටියි. සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය හා සමෘද්ධිය සමස්ත මානවයන් පොදුවේ භූක්ති විඳීම ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාව බව ද Geng Shuang මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here