28 C
Colombo
Wednesday, February 25, 2026

එපෙක් සංවිධාන නායකයින්ගේ නිල නොවන රැස්වීම ලබන වසරේ නොවැම්බර් මාසයේ චීනයේ Shenzhen නගරයේදී පැවැත්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එපෙක් සංවිධාන නායකයින්ගේ නිල නොවන රැස්වීම ලබන වසරේ නොවැම්බර් මාස 18වැනිදා සහ 19වැනිදා චීනයේ Shenzhen නගරයේදී පැවැත්වනු ඇත. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

2026 එපෙක් සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ නිල නොවන සමුළුව ඊයේ (11) සහ අද (12) යන දෙදින Shenzhen නගරයේදී පැවැත්විණ. 2026 එපෙක් සත්කාරකත්වය දරන චීනය විසින් පවත්වන ලද පළමු ක්‍රියාකාරකම මෙයයි. මෙය එපෙක් සංවිධානයේ 2026 “චීන වසර” ආරම්භය ඉන් සනිටුහන් වෙයි. එමෙන්ම, ලබන වසරේ පෙබරවාරි, මැයි සහ අගෝස්තු මාසවලදී පිළිවෙලින් චීනයේ Guangzhou, Shanghai සහ Dalian යන නගරවලදී ඉහළ පෙළේ නිලධාරීන්ගේ නිල නොවන සමුළු තුනක් පැවැත්වන බව Guo Jiakun මහතා පැවසීය. ලබන වසරේ එපෙක් සංවිධාන නායකයින්ගේ නිල නොවන රැස්වීම අතරතුර, කාර්මික හා වාණිජ නායකයින්ගේ ප්‍රධාන විධායක සමුළුව සහ විදේශ හා වෙළඳ අමාත්‍යවරුන්ගේ සමුළුව වැනි අනුබද්ධ හමුද පැවැත්වෙන බව ඔහු පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here