27.9 C
Colombo
Monday, August 25, 2025

‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා සංසදයේ උපදේශන කමිටුවේ වාර්ෂික සැසිය ඊයේ (15) චීනයේ නිංබෝ නගරයේ පැවැත්විණ. ‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ උසස් මට්ටමක් දක්වා පොදුවේ සංවර්ධනය කරමින් විවෘත, සහයෝගතා මෙන්ම අන්‍යෝන්‍ය සබඳතා සහිත, පොදුවේ සංවර්ධනය වන ලෝකයක් ගොඩනැගීම’ යන තේමාව සම්බන්ධයෙන් කමිටුවේ සාමාජිකයෝ එහිදී සාකච්ඡා පැවැත්වූහ.

චීනය ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ හරහා ලෝක ආර්ථික වර්ධනය පෙළඹවීමේ හා ගෝලීය සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් අවස්ථාවන් සලසා දී ඇතැයි එහිදී අවධාරණය කෙරිණ. වත්මන් තත්ත්වය හමුවේ එම වැඩපිළිවෙළෙහි ඉහළ මට්ටමේ සංවර්ධනය මුළුමනින් ඉදිරියට ගෙන යා යුතු අතර ‘හරිත සේද මාවතේ’ හා ‘ඩිජිටල් සේද මාවතේ’ සංවර්ධනය ශක්තිමත් කළ යුතු බව ද සඳහන් වේ.

කලාපීය ඒකීයකරණය වැඩිදියුණු කිරීම සඳහා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙහි පොදු සංවර්ධනයට එක්වන රටවල් වෙළඳ හා ආයෝජනවල නිදහස්කරණය හා පහසුකරණය ඉහළ නැංවීමට ක්‍රියා කළ යුතු බවටත් එම රාමුව තුළ ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රිම තාක්ෂණ සහයෝගතාව පුළුල් කරමින් ගෝලීය දකුණේ ශක්‍යතා සංවර්ධනයට සහාය විය යුතු බවටත් එම කමිටුවේ සාමාජිකයින් එහිදී අදහස් පළ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here