චීන මාධ්‍ය සමූහය හා චීනයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන පද්ධතිය විසින් සංවිධානය කරන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් “එකම ලෝකයක්: බෙදා ගත් අනාගතයක්”තේමා ගත ගෝලීය තරුණ විඩීයෝ ප්‍රදර්ශනය ඊයේ(23) පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය සන්නිවේදන කටයුතු පිළිබඳ උප මහලේකම් Melissa Fleming මහත්මිය මාර්ගගතව එහිදී දේශන පැවැත්වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්, චීනයේ සිටින විවිධ රටවල නියෝජිතයන්, මාධ්‍ය නියෝජිතයන් ඇතුළු පුද්ගලයෝ සීයක පිරිසක් ඊට සහභාගි වූහ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය අඛණ්ඩව ගෝලීය පාලන ක්‍රියාවලිය ප්‍රකාශ කරමින් චීනය හා ලෝකය අතර සන්නිවේදන පාලමක් ස්ථාපිත කරන බව Shen Haixiong මහතා එහිදී පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, විවිධ රටවල මාධ්‍ය හා ගෝලීය තරුණ ප්‍රජාව සමග පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය ව්‍යාප්ත කිරීමටත් ගෝලීය පාලන මුලපිරුමට අනුගත වීමටත් චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව හෙතෙම කියා සිටියේය.