27.2 C
Colombo
Wednesday, February 25, 2026

එකම චීනය මූලධර්මය සහ චීනය වෙත දුන් පොරොන්දුව ප්‍රායෝගිකව අනුගමනය කරන්නැයි චීනය ජපානයෙන් ඉල්ලයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජාත්‍යන්තර නීතියට අනුව චීනයට තායිවානයේ ස්වෛරීභාවය අයත් වීම ‘කයිරෝ ප්‍රකාශනය’ මගින් පැහැදිලි කරන අතර එහි අදාළ රෙගුලාසිවලට අනුකූල වීම ජපානය විසින් ඉටු කළ යුතු ජාත්‍යන්තර නීතිමය බැඳීමක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhang Han මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව ප්‍රකාශ කලේ අද(3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. මෙම වසර කයිරෝ ප්‍රකාශනය නිකුත් කිරීමේ 82 වන සංවත්සරය සනිටුහන් කරයි. ජපාන අගමැති Sanae Takaichi ගේ තායිවානය සම්බන්ධ වැරදි ප්‍රකාශ චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් මෙන්ම තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වයට හානිවීමක් බව Zhang Han මහත්මිය එහිදී අවධාරණය කරයි.

සිය වැරදි ප්‍රකාශ වහාම ඉල්ලා අස්කර ගනිමින් ප්‍රායෝගික ක්‍රියාමාර්ග හරහා එකම චීනය මූලධර්මය සහ චීනය වෙත දුන් පොරොන්දුව අනුගමනය කරන ලෙස චීනය, ජපානයෙන් ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් කියා සිටි‍යාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here