ඊශ්‍රායල හමුදා සිරියාවට එල්ල කළ ප්‍රහාර එක්සත් ජාතීන්ගේ චීන උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා හෙළා දකී. ඊයේ(17) පැවති සිරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී ඔහු මේ බව පැවසීය.
ඊශ්‍රායලය මෑතකදී සුවයිඩා, ඩාරා, ඩමස්කස් සහ අනෙකුත් ස්ථානවලට ගුවන් ප්‍රහාර කිහිපයක් දියත් කර ඇති අතර සිරියාවේ ප්‍රධාන “රජයේ දෙපාර්තමේන්තු” වෙත හමුදා ප්‍රහාර පවා එල්ල කර ඇති බව Geng Shuang මහතා එහිදී පැවසීය. ඊශ්‍රායලයේ මෙවැනි ක්‍රියාවන් ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් සහ සිරියාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව ද බිඳ දැමීමකි. එමෙන්ම සිරියාවේ සාමය, ස්ථාවරත්වය සහ දේශපාලන පරිවර්තනයට නව සංකීර්ණ තත්ත්වයක් ඉන් නිර්මාණය වූ බැවින් එය චීනය පැහැදිලිවම හෙළා දකී. සිරියාවට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කර කඩිනමින් සිරියානු භූමියෙන් ඉවත් වන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.
මේ වනවිට අත්පත් කර ගනු ලැබූ ගෝලාන් කලාපය සිරියානු භූමියක් බව ජාත්‍යන්තර ප්‍රජාවගේ පොදු පිළිගැනීමයි. සිරියාවේ ස්වෛරීභාවය, එක්සත්කම සහ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු අතර අදාළ ආරක්ෂක මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව Geng Shuang මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.