29.7 C
Colombo
Saturday, August 23, 2025

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය නව සටන් විරාම ගිවිසුමකට අත්සන් තබයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය නව සටන් විරාම ගිවිසුමකට අත්සන් තබා ඇති බව කටාර්ඊජිප්තුව සහ ඇමරිකාව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සටන් විරාමයකට පැමිණීම සහ හමාස් සංවිධානය භාරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණ ඇති බව ඊයේ(15) නිකුත් කෙරුණු අදාළ නිවේදනයේ සඳහන් වේ.

ස්ථිර සටන් විරාමයක් ඇති කරමින් ගාසා තීරයේ යළි සාමකාමී තත්ත්වයක්  ස්ථාපිත කිරීම මෙම සටන් විරාම ගිවිසුමේ අරමුණ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගිවිසුම අදියර තුනකින් සමන්විත වන අතර එය සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා, කටාර්ඊජිප්තුව සහ ඇමරිකාව ගිවිසුමෙහි ඇපකරුවන් ලෙස පත් කර ඇති බව ද සඳහන්ව ඇත.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මෙම නව සටන් විරාම ගිවිසුම ජනවාරි 19 වැනිදා සිට බලාත්මක වීමට නියමිත ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here