27.7 C
Colombo
Friday, August 22, 2025

ඊශ්‍රායලය තාවකාලික සටන් විරාම සැලැස්ම පිළිගත් බව ඇමරිකාව පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකානු මැද පෙරදිග නියෝජිත Steven Witkoff මහතා සහ ජනාධිපති Donald Trump මහතා විසින් යෝජනා කරන ලද සටන් විරාම සැලැස්ම ඊශ්‍රායලය පිළිගනී. ඇමරිකානු ධවල මන්දිර මාධ්‍ය ලේකම්  Karoline Leavitt මහත්මිය ඊයේ(29) මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය. ඊට අදාළ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින අතර ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව ද ඇය  පවසා ඇත.

හමාස් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Basem Naim මහතා එදින ම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ Witkoff මහතාගේ යෝජනාව සම්බන්ධ ඊශ්‍රායල ප්‍රතිචාරය හමාස් සංවිධානයට ලැබී ඇති බවයි. ඊශ්‍රායල ප්‍රතිචාරය තුළ ගාසා තීරයේ යුද්ධය සහ සාගතය අවසන් කිරීම පිළිබඳ ජනතාවගේ කිසිදු වැදගත් ඉල්ලීමක් සැලකිල්ලට ගෙන නොමැත. කෙසේ වෙතත්, ගාසා තීරයේ ජනතාව දැනට විඳින අතිශය දරුණු දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, යෝජනාවට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව හමාස් නායකත්වය වගකීමෙන් යුතුව අධ්‍යයනය කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here