එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඊයේ (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදී ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස හෙළා දකින බවයි.
ගාසා තීරයේ දුෂ්කර උත්සාහයකින් දිනාගත් සටන් විරාමය විනාශ කිරීම පිළිබඳව චීනය කනගාටු වන අතර ඊශ්‍රායලය ගාසා තීරයේ යුද්ධය නැවත ආරම්භ කිරීම පිළිබඳව බරපතල කනස්සල්ල පළ කරන බව Fu Cong මහතා එහිදී පැවසීය.
ගාසා තීරයේ යුද මෙහෙයුම් වහාම නතර කර ගාසා තීරයේ මානුෂීය ආධාර සඳහා පූර්ණ ප්‍රවේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව හෙතෙම අවධාරණය කළේය.
ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රවර්ධනය කොට මැද පෙරදිග සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමේදී චීනය ආරක්ෂක මණ්ඩලයට අනුබල දෙන බව ද Fu Cong මහතා සඳහන් කළේය.