24.5 C
Colombo
Wednesday, February 25, 2026

ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධන අවස්ථා වෙනුවෙන් එක්වන්නැයි චීන‍යෙන් ඇරයුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් චීනයේ සංවර්ධන අවස්ථා හිමි කර ගැනීමට එක්වන්නැයි ඇමරිකාව ඇතුළු විවිධ රටවල ව්‍යවසායයන් වෙත චීනය ආරාධනා කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

චීනයේ ඇමරිකානු වාණිජ කවුන්සිලය විසින් සිදු කළ සමීක්ෂණයක  ප්‍රතිඵල පසුගියදා නිකුත් කළ අතර, ඊට අනුව එම සමීක්ෂණයට එක්වූ චීනයේ සිටින ඇමරිකානු ව්‍යවසායයන් අතරින් චීන වෙළඳපොළෙහි වර්ධනය කෙරෙහි ධනාත්මක ආකල්පයක් දැක්වූ පිරිසගේ අනුපාතය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Guo Jiakun මහතා පැවසුවේ චීනයේ සිටින ඇමරිකානු ව්‍යවසායයන්හි සාර්ථකත්වයන් තුළින් පිළිබිඹු කෙරෙනුයේ දෙරට අතර සහයෝගිතා හරහා එකිනෙකා වෙත ප්‍රතිලාභ ගෙන දිය හැකි වී ඇති බවයි. දෙරට අතර ස්ථාවර, තිරසර සබඳතා නිසියාකාරයෙන් තහවුරු කිරීම, දෙරටෙහි පොදු ප්‍රතිලාභයන්ට අනුකූලය. චීනය සතු විශාල වෙළඳපොළ ලෝකයට දැවැන්ත අවස්ථාවක් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here