ඇමරිකාවත් ඊශ්‍රායලයත් ඉරානයට එරෙහිව ඒකාබද්ධව දියත් කරන වත්මන් යුද්ධය සඳහා වන වියදම් පියවීම වෙනුවෙන් අරාබි රටවලින් උදව් ඉල්ලා සිටීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරමක් උනන්දු වනු ඇති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karoline Leavitt පවසයි.
ඊයේ (30) පැවති ධවල මන්දිර මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය අවධාරණය කර සිටියේ නිසැකවම ජනපති ට්‍රම්ප් එවැනි අදහසකින් පසු වන බවයි.
ඉරානයට එරෙහි යුද්ධයේ පළමු දින හය තුළ පමණක් ට්‍රම්ප් පරිපාලනය, ඇ.ඩො. බිලියන 11.3 ඉක්මවූ මුදලක් ඒ සඳහා වියදම් කළ බව, පෙන්ටගනයේ නිලධාරීන් මාර්තු මස ආරම්භයේදී ඇමරිකානු කොංග්‍රසය වෙත දන්වා තිබිණ.
මේ අතර ඇමරිකානු ව්‍යවසාය ආයතනයේ පිරිවැය නිරීක්ෂණය සිදු කරන පෙන්ටගනයේ හිටපු අයවැය නිලධාරියා වන Elaine McCusker උපුටා දක්වමින්, ඉරාන යුද වියදම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට Wall Street Journal පුවත් පත ද පියවර ගෙන ඇත.
එහි දැක්වෙන්නේ, යුද හානි සහ යුද්ධයෙන් අහිමි වූ දේ යළි ප්‍රතිස්ථාපනය කිරීමේ වියදම් නොමැතිව, ඉරානයට එරෙහි යුද්ධයේ පළමු සති තුන තුළ පමණක් දළ වශයෙන් ඇ.ඩො. බිලියන 1.4 සිට ඇ.ඩො. බිලියන 2.9 දක්වා වූ පිරිවැයක් දැරීමට පෙන්ටගනයට සිදු විය හැකි බව Elaine McCusker සඳහන් කර ඇති බවයි.

