26.9 C
Colombo
Monday, August 25, 2025

ඉරාන-ඇමරිකා න්‍යෂ්ටික සාකච්ඡා සිව්වන වටය කල් යයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඕමානයේ යෝජනාවක් මත ඉරාන-ඇමරිකා න්‍යෂ්ටික සාකච්ඡා සිව්වන වටය කල් යනු ඇතැයි ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි.

න්‍යෂ්ටික සාකච්ඡාවලදී ඉරානයේ මූලධර්ම සහ රාමුව නොවෙනස්ව පවතින බව ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Esmail Baqaei මහතා ‍ඊයේ (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීම තම රටේ අයිතියක් බවත්, ඇමරිකාව සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවත් ඔහු අවධාරනය කර ඇත.

සිව්වන වටයේ සාකච්ඡා කල් දැමීම, සාකච්ඡාවන්හී මැදිහත්කරු ලෙසට ක්‍රියා කරන  ඕමානයේ යෝජනාවක් මත පදනම් වූ  අතර, ඕමානයේ  මීළඟ පියවර දෙස සියලු පාර්ශ්ව බලා සිටින බව Esmail Baqaei මහතා පැවසීය. න්‍යෂ්ටික  නිර්ව්‍යප්ත ගිවිසුම යටතේ, වගකීම් ඉටු කිරීමට සහ යුරේනියම්  සාන්ද්‍රනයට තමන්ට අයිතියක් ඇතැයි ඉරානය සඳහන් කරයි. සංවාදය පවත්වා ගැනීමේ අපේක්ෂාව ඉරානයේ ප්‍රායෝගික පියවරයන් ගෙන් පිළිබිඹු වන බවද ඔහු අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here