26.4 C
Colombo
Thursday, August 21, 2025

ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයා ගැනේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මුහුදට කඩාවැටුණු ඉන්දුනීසියානු ශ්‍රීවිජය එයාර් බෝයිං 737 ගුවන් යානයේ එන්ජිම සොයාගෙන තිබේ.

යානය කඩාවැටුණු ප්‍රදේශයේ අඛන්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින අතර යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී හමුවී තිබුණි.

එය මේවන විට ජකර්තා වරාය වෙත ගෙනැවිත් ඇති අතර විමර්ශන සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේදී යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබූ නමුත් එය තවමත් ගොඩබිම වෙත ගෙනැවිත් නැත.

පසුගිය සෙනසුරාදා ජකර්තා සිට ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු මුහුදට කඩා වැටුණු මගී ගුවන් යානයේ පුද්ගලයන් හැට දෙදෙනෙක් සිටියහ. කෙසේ නමුත් අනතුරින් දිවි ගලවා ගත් අය සිටිය හැකි බවට බලධාරීන් මේවන විට විශ්වාස නොකරන බව සදහන් වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here