26.1 C
Colombo
Thursday, February 26, 2026

ඉන්දියාව සහ චීනය අතර සෘජු ගුවන් සේවා යළි ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඉන්දියාවේ කොල්කටා නගරයේ සිට චීනයේ Guangzhou නගරය දක්වා වන සෘජු ගුවන් ගමන් සේවා ඉන්දියාවේ IndiGo ගුවන් සමාගම විසින් ඊයේ (26) රාත්‍රියේ සිට යළි ආරම්භ කළේය. 2020 වර්ෂයෙන් පසු ඉන්දියාව හා චීන මහ ගොඩබිම අතර ප්‍රථම වරට දියත් කෙරෙන සෘජු ගුවන් සේවාව ද මෙයයි.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙම පළමු ගුවන් ගමන සඳහා මගීන් 176 දෙනෙකු රැගත් Airbus සමාගමේ A320neo ගුවන් යානයක් භාවිත කර තිබේ. එමෙන්ම, ඉදිරි මාස කිහිපය තුළ නවදිල්ලි නගරය හා චීනයේ ශැංහයි හෝ Guangzhou යන නගර අතර සෘජු ගුවන් සේවාවන් ද යළි ආරම්භ කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇත.

සෘජු ගුවන් සේවා මෙලෙස යළි ඇරඹීම, දෙරට අතර ගමනාගමනයට මෙන්ම භාණ්ඩ හුවමාරුව සඳහා ද පහසුකම් සැලසෙනු ඇති බව IndiGo ගුවන් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත. ලොව විශාලතම ජනගහනයක් ද සහිතව ආර්ථීක වශයෙන් වේගවත් සංවර්ධනයක් කරා යන රටවල් දෙකක් ලෙස චීනය හා ඉන්දියාව අතර සබඳතා ඉන් තවදුරටත් තහවුරු කළ හැකි බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COVID-19 වසංගතය ඇතුලු විවිධ සාධකයන්ගේ බලපෑම් හමුවේ ඉන්දියාව හා චීනය අතර සෘජු ගුවන් සේවා ගතවූ 2020 වසරේ සිට අත්හිටුවීමට මෙතෙක් පියවර ගෙන තිබිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here