27.2 C
Colombo
Wednesday, February 25, 2026

ඉදිරියට යාමට පෙර තම වැරදි අවබෝධ කර ගෙන ඒවා නිවැරදි කර ගන්නා ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තම වැරදි පිළිබඳව බැරෑරුම් ලෙස සිතා බලා ඒවා නිවැරදි කර ගනිමින් යළි ඒවා සිදු නොවීමට වගබලා ගන්නා ලෙස චීනය ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

ජපානය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උප සභාපති Taro Aso, චීනයේ තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් ජපාන අගමැතිනි Takaichi Sanae කළ ප්‍රකාශයන්ට සිය අනුමැතිය පළ කළේය. ඒ සම්බන්ධයෙන් Guo Jiakun මහතා ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, මෙම ජපන් දේශපාලනඥයාගේ ප්‍රකාශවලින් පිළිබිඹු වන්නේ Takaichi Sanae සහ ඇය පිටුපස සිටින දක්ෂිණාංශික බලවේග තවමත් ඔවුන්ගේ වැරදි අවබෝධ කරගෙන නොමැති බවය.

මහජන අවධානය සහ අනුබලය දිනා ගැනීම සඳහා චීනයට එරෙහිව ප්‍රකෝප කිරීම ඉතා නරක හා අතිශය භයානක ක්‍රියාවක් බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here