28.1 C
Colombo
Sunday, August 24, 2025

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරය ආරක්ෂක මණ්ඩලය දැඩි ලෙස හෙළා දකී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැඩි ලෙස හෙළා දකී.

පසුගිය 11 වැනිදා උතුරු ඇෆ්ගනිස්ථානයේ Kunduz හි බැංකුවක් ඉදිරිපිට ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය.  ඉස්ලාමීය රාජ්‍ය-කාලිෆේට් සංවිධානය විසින් එල්ල කරන ලද එම ප්‍රහාරයෙන් පුද්ගලයින්  කිහිප දෙනෙක් මියගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. ඒ පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපති රට ලෙස, එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඊයේ (12) ප්‍රකාශයක් නිකුත් කරමින් එම සිද්ධිය දැඩි ලෙස හෙළා දුටුවේය.

විපතට පත් වූවන්ගේ පවුල්වලට Fu Cong මහතා ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් වෙනුවෙන් දැඩි ශෝකය ප්‍රකාශ කළේය. ඔහු තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කළේය. සියලු ආකාරවල ත්‍රස්තවාදය ඇෆ්ගනිස්ථානයේ සහ ලෝක සාමයට සහ ආරක්ෂාවට ඇති බරපතලම තර්ජනයක් බව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් නැවත අවධාරණය කරන බව ඔහු ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරනසංවිධාන කරනඒ සඳහා මුදල් සපයන සහ සහාය දක්වන කණ්ඩායම්වලට දඬුවම් දිය යුතුය. ජාත්‍යන්තර නීතිය සහ අදාළ ආරක්ෂක මණ්ඩල තීරණන්ට අනුකූලව, සියලු රටවල් එ සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද Fu Cong මහතා පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here