28 C
Colombo
Sunday, August 24, 2025

ඇමරිකා -රුසියා ජනාධිපතිවරුන්ගේ හමුව මෙම මාසය තුළ සිදුවන ලකුණු

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙම මාසය තුළදී තමා  රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හමුවී‍මේ ඉඩක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.රුසියානු -යුක්‍රේන ගැටුම අවසන් කිරීම සඳහා සෞදි අරාබියාවේ පැවති ඇමරිකානු රුසියා සාකච්ඡාවලට යුක්‍රේනය නොමැති වීමේ කණස්සල්ල බැහැර කරමින්  ට්‍රම්ප් සඳහන් කළේ යුක්‍රේනයට රුසියාව සමග වසර 3කට පෙර එකඟතාවකට එළඹීමේ අවස්ථාවක් පැවති බවයි.යුක්‍රේනයේ කණස්සල්ල ගැන අදහස් දැක්වූ ට්‍රම්ප් පැවසුවේ යුද්ධය ආරම්භ නොකළ යුතුව පැවති  අතර එය අවසන් කිරීමට ද හැකියාව තිබූ බවයි.යුරෝපා සාම සාධක භටයන් යුක්‍රේනයේ ස්ථාන ගත කිරීමට තමා ගේ විරුද්ධත්වයක් නොමැති බවද ‍ෆ්ලොරිඩාවේ දී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී හෙතෙම සඳහන් ක‍ළේය.එලෙස හමුදා ස්ථාන ගත කිරීම ගැටළුවක් නොමැති වුවද ඇමරිකාව ඊට සහභාගී නොවන බවද ට්‍රම්ප් පැවසීය. යුක්‍රේනයට වඩා ඉතා දුරකින් ඇමරිකාව පිහිටීම ඊට හේතු ලෙස ඔහු සඳහන් කළේ ය.

මීට පෙර ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පැවසුවේ ඇමරිකාව හා රුසියාව කරුණු හතරක් සම්බන්ධයෙන් එකගතාවට එළඹි බවයි.යුක්‍රේන අර්බුදය නිම කිරීම සඳහා ඉහළ මට්ටමේ කණ්ඩායමක් ස්ථාපිත කිරීමද ඒ අතර වෙයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here