ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ධුර කාලය තුළ ඔහුගේ කාර්යසාධනය පිළිබඳ ගෝලීය වශයෙන් මෙන්ම ඇමරිකාව තුළ මහජනතාවගේ මතය විමසුමට ලක් කෙරේ. CGTN ආයතනය චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය සමග එක්ව නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන ආයතනය ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කර ඇත. එය මෙම වසරේ පෙබරවාරි සහ අප්‍රේල් යන මාසවලදී සිදු කර ඇති අතර මෙහි පුද්ගල නියැදිය රටවල් 38 ක පුද්ගලයන් 15,947කි.
ඒ අනුව සිදු කළ විමර්ශනයේදී ඇමරිකානු ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 48.9ක් බලයට පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සෑහීමකට පත් නොවන බව අනාවරණය විය. එමෙන්ම තවත් සියයට 47.5ක් ඇමරිකාව වැරදි දිශාවක ගමන් කරන බව සඳහන් කර ඇත.
ඇමරිකාව ගෝලීය වශයෙන් පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු කොටස් වෙළඳපොළ ස්ථාවරත්වයට හානිකර බව ඇමරිකානු ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 53.1ක් ප්‍රකාශ කර සිටී. එමෙන්ම එම තීරුබදු පැනවීම කෘෂිකාර්මික අපනයන කටයුතු සඳහා ද අහිතකර බලපෑමක් ඇති කරන බව සියයට 49.4ක් අවධාරණය කර තිබේ.
එමෙන්ම ගෝලීය වශයෙන් සිදු කළ මත විමසුමේදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 74.2ක් ඇමරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්තිය ඔවුන්ගේම ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන බව සඳහන් කර සිටී. මෙය මාස දෙකක් තුළ සියයට 16.3% ක අගයකින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.