26.4 C
Colombo
Thursday, August 21, 2025

ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩල පනතේ ඇති තායිවාන ප්‍රශ්නය පිළිබඳ කරුණු සම්බන්ධයෙන් චීනයෙන් දැඩි විරෝධතා

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය අද(30) නිත්‍ය මාධ්‍ය හමුවක් පැවැත්වීය. “තායිවාන ප්‍රදේශය සමග ආරක්ෂක සහයෝගීතා මුලපිරුම” සඳහා ඇ. ඩො. මිලියන 500 ක් ඇතුළත් “2026 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනත” මෑතකදී ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩල විසින් සම්මත කරන ලදි. මේ පිළිබඳ චීනයේ ස්ථාවරය සම්බන්ධයෙන් වාර්තාකරුවෙක් මෙහිදී විමසීය.

තායිවාන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් බාහිර මැදිහත්වීම්වලට ඉඩ නොදෙන බවත් ප්‍රකාශක චෙන් බින්හුවා මහතා ප්‍රකාශ කළේය. ඇමරිකා කොංග්‍රසයේ යම් නිලධාරීන්  හිතාමතාම තායිවාන ප්‍රදේශයට අදාළ නුසුදුසු අන්තර්ගතයන් අදාළ පනතට ඇතුළත් කිරීම, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමක් වන අතර, එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. “තායිවාන බෙදුම්වාදී බලවේගය’ ට මෙය වැරදි සංඥාවක් ද වේ. චීනය ඇමරිකාවේ මෙම පියවරට තරයේ විරුද්ධ වන බව චෙන් බින්හුවා මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here