24.5 C
Colombo
Wednesday, February 25, 2026

ඇමරිකා ජනාධිපතිවරයා ඇෆ්ඝනිස්ථාන යුද්ධයේදී නේටෝ නොවන හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ඉතාලි සහ නොර්වේ අගමැතිවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

නේටෝ සාමාජික නොවන රටවල් ඇෆ්ඝනිස්ථාන යුධ පෙරමුණෙන් ඈත්ව සිටි බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා සිදු කළ ප්‍රකාශය ඉතාලි සහ නොර්වේ අගමැතිවරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වෙයි. නිවේදනයක් නිකුත් කරන ඉතාලි අගමැතිනී ‍ජියෝජියා මෙලොනි ඉතාලිය “ප්‍රශ්ණ කළ නොහැකි” මට්ටමේ මිළක් ඇෆ්ඝනිස්ථානයේ දී ගෙවූ බව සිහිපත් කරයි. වසර 20කට අසන්න කාලයේදී හමුදා මෙහෙයුම්, ආරක්ෂක ක්‍රියාදාමයන් සහ පුහුණු කටයුතුවලදී තම සෙබළු 53 දෙනෙකු මියගොස් 700කට අධික පිරිසක් එහිදී තුවාල ලැබූ බව ඇය කියා සිටී. මෙවැනි පසුබිමක ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුම්වලට එක්වූ රටවල් නේටෝ සාමාජිකයන්ට පමණක් සීමා කිරීම පිළිගත නොහැකි බවද ඇය සඳහන් කරයි. විශේෂයෙන් සංධාන හවුල්කාරී රටවලින් එම දායකත්වය ලැබී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ. මේ අතර ඇමරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දෝෂ දර්ශනයට ලක්කරන ‍නොර්වේ අගමැතිවරයා පවසන්නේ එම ප්‍රකාශය “අගෟරවයක්” බවයි. විශ්‍රාමික හමුදා සාමාජිකයන් හා ඥාතීන් මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දැක්වීම ගැන තමන්ට අවබෝධ කර ගත හැකි යැයිද ඔහු සඳහන් කරයි. ඇමරිකා ජනාධිපතිවරයා පසුගිය සතියේදී ෆොක්ස් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ ඇෆ්ඝනිස්ථාන යුද්ධයේදී ඇමරිකාවට නෝටෝ නොවන සාමාජික රටවල හමුදාවන් කිසිදු අවස්ථාවක අවශ්‍ය නොවූ බවයි. ඔවුන් යුධ පෙරමුණෙන් පසුපසට වී සිටි බවද ඔහු පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here