තීරුබදු සාකච්ඡා ජූලි 9 වන දින දක්වා දීර්ඝ කරන ලෙසට යුරෝපා සංගමය කළ ඉල්ලීමට තමන් එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා පවසයි. හෙතෙම ඊයේ (25) මේ බව පැවසීය.යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය එදිනම X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ, යුරෝපා සංගමය ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා වේගවත් කිරීමට සූදානම් නමුත් එකඟතාවකට පැමිණීමට තවත් කාලයක් අවශ්‍ය බව සඳහන් කළේය.
වෙළඳ ආතතීන් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා, දෙපාර්ශ්වය සාකච්ඡාවට ඉඩකඩ රඳවා ගැනීමට බලාපොරොත්තු වන බව, මෙවර අවසන් කාල සීමාව කල් දැමීමෙන් පෙනී යයි. යුරෝපා සංගමය සහ ඇමරිකාව අතර භාණ්ඩ හා සේවා මුළු වෙළඳාම ඇ.ඩො. ට්‍රිලියන 1.1 ඉක්මවයි. එය ලෝකයේ වැදගත්ම ආර්ථික හවුල්කාරිත්වයන්ගෙන් එකක් ලෙසට පොදුවෙන් සැලකේ.
Trump පසුගිය 23 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ, ජුනි 1 වනදා සිට යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමට තමන් යෝජනා කරන බවයි. යුරෝපා සංගමයේ ප්‍රධාන අරමුණ “වෙළඳාමේදී ඇමරිකාවෙන් වාසි ලබා ගැනීම” බව ඔහු පැවසීය. ඇමරිකාව සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බැවින්, ජුනි 1 වනදා සිට යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමට ඔහු යෝජනා කළේ ය. භාණ්ඩ ඇමරිකාවේ නිෂ්පාදනය කරන්නේ නම් තීරු බදු අවශ්‍යත්‍යතාවක් නොවන බව ද, Trump සඳහන් කළේ ය.