ඇමරිකාව සිය හවුල්කරුවන් සමග සිදු කරන හමුදා ප්‍රකෝප කිරීම් උතුරු කොරියාව හෙළා දකී.එවැනි තත්ත්වයක දී සිය ස්වයං ආරක්ෂක ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බවද එරට විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම මාසය තුළ ඇමරිකා හමුදා විසින් උපායමාර්ගික ගුවන් යානා හා බෝම්බ හෙළන යානා කොරියානු අර්ධද්වීපයට යොමු කිරීම මෙන්ම ජපානය සහ දකුණු කොරියාව සමග එක්ව ත්‍රෛපාර්ශ්වික හමුදා අභ්‍යාසයක් සිදු කිරීම සහ දකුණු කොරියාව සමග සජීවී උණ්ඩ භාවිතයෙන් ඇමරිකාව සිදු කළ ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය උතුරු කොරියාව විසින් මෙලෙස හෙළා දැක තිබේ. ඇමරිකාවේ දේශපාලන හා හමුදා ප්‍රකෝප කිරීම් කලාපයේ ස්ථාවරත්වයට බාධා කරමින් සන්නද්ධ ගැටුමක අවධානම ඉහළ නංවන සෘජු මූලය බව උතුරු කොරියාව කියා සිටී.මෙම ප්‍රකෝපකාරී ක්‍රියා සම්බන්ධයෙන් සිය දැඩි සැලකිල්ල පළ කරන උතුරු කොරියාව තම ස්වයං ආරක්ෂාව ,ස්වෛරී අයිතීන් හා ආරක්ෂක අභිලාෂයන් වෙනුවෙන් වඩාත් දැඩි ස්ථාවරයක් අනුගමනය කරන බව අවධාර