28.1 C
Colombo
Saturday, October 4, 2025

ඇමරිකාව සමඟ පූර්ණ සබඳතා යථා තත්ත්වයට පත් කිරීම රුසියාවේ අවශ්‍යතාවලට අනුකූල බව රුසියානු ජනපති කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව සමඟ පූර්ණ සබඳතා යථා තත්ත්වයට පත් කිරීම රුසියාවේ ජාතික අවශ්‍යතාවලට අනුකූල බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (02) රුසියාවේ සෝචි හි පැවති Valdai ජාත්‍යන්තර විවාද සමාජයේ 22 වන වාර්ෂික සමුළුවේ පූර්ණ සැසිය අමතමිනි.

දිග්ගැස්සුනු යුක්රේන අර්බුදයට වගකිව යුත්තේ ප්‍රධාන වශයෙන් යුරෝපය බවත්, ඔවුන් ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව උත්සන්න කර ඇති බවත් Putin මහතා පෙන්වා දුන්නේය. රුසියාව සහ ඇමරිකාව අතර බොහෝ වෙනස්කම් ඇති බවත්, බොහෝ ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් තම අදහස් ද වෙනස් බවත් ඔහු පැවසීය. දැවැන්ත රටවල් දෙකටම මෙය “සාමාන්‍ය” දෙයක් බව Putin මහතා පැවසීය. කුමන වෙනස්කම් තිබුණත්, අන්‍යෝන්‍ය ගෞරවය පවතින තාක්, වඩාත්ම දුෂ්කර හා දීර්ඝතම සාකච්ඡා පවා අවසානයේ එකඟතාවයකට පැමිණෙන බවත් ඔහු පැවසීය. ඉන් අදහස් වන්නේ අවසානයේ දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමක් සොයා ගැනීමට හැකිවීම යැයි ද ඔහු පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here