27.3 C
Colombo
Tuesday, August 26, 2025

ඇමරිකාව සමග වක්‍ර සාකච්ඡා සඳහා විවෘත බව ඉරානය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තම රට වක්‍ර සාකච්ඡා සඳහා සැමවිටම විවෘත බවත් ඇමරිකාව විශ්වාසය ගොඩනගා ගත යුතු බවත් ඉරාන ජනාධිපතිවරයා පවසයි.

ඉරානය න්‍යාෂ්ථික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කඩිනම් කිරීම සඳහා ඉරාන උත්තරීතර නායක Ali Hosseini Khamenei මහතා වෙත පණිවුඩයක් යොමු කර ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා මෙම මස ආරම්භයේදී ප්‍රකාශ කළේය. ඊයේ (30) ඉරාන ජනාධිපති Masoud Pezeshkian මහතා ප්‍රකාශ කළේ ඕමානය හරහා ඇමරිකාව වෙත පිළිතුරු ලිපියක් යොමු කරමින් ඇමරිකාව සමග සෘජු සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. එහෙත් චක්‍ර සාකච්ඡා සැමවිටම විවෘත බවද හෙතෙම සඳහන් කළේය.

ඉරාන ජනපති මන්දිරය ඊයේ නිකුත් කළ නිවේදනයකට අනුව, ඉරානය කිසිවිටෙකත් සාකච්ඡා බැහැර නොකරන නමුත්, ඇමරිකාව සිය ප්‍රතිඥා උල්ලංඝනය කිරීම හේතුවෙන් සාකච්ඡාවට බාධා එල්ල වී තිබේ. ඇමරිකාවේ ක්‍රියාවන් මත සාකච්ඡාවන්හී ඉදිරිය තීරණය කෙරෙන බව ද එහි සඳහන් වේ.

තමාට විශ්වාසය ගොඩනගා ගත හැකි බව ඇමරිකාව ඔප්පු කළ යුතු බවත් තත්ත්වය එම දිශාවට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here