27.6 C
Colombo
Thursday, August 21, 2025

ඇමරිකාව තායිවාන බෙදුම්වාදීන්ට විරෝධය දක්වමින් චීනය එක්සත් කිරීමට අනුබල දිය යුතු බව අවධාරණය කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ පැවැත්වූ යුද අභ්‍යාසය අත්‍යවශ්‍ය මෙන්ම යුක්ති සහගත පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය ප්‍රකාශ කරයි. ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදීය.

චීන මහජන විමුක්ති හමුදාවේ සේනාංකයක්, පසුගියදා තායිවාන දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ අභ්‍යාස පැවැත්වීය. මෙම යුද අභ්‍යාස හේතුවෙන් තායිවාන සමුද්‍ර සන්ධි දෙපස තත්ත්වය උග්‍ර වූ බව තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂය ප්‍රකාශ කළේය. ඒකපාර්ශ්වික බලය හෝ බලහත්කාරය භාවිත කරමින් වත්මන් තත්ත්වය වෙනස් කිරීමට ගන්නා උත්සාහයන්ට විරුද්ධ වන බව ඇමරිකාවේ ධවල මන්දිරය ද පවසා ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට Zhu Fenglian මහත්මිය ස්ථාවරය පැහැදිලි කළාය. චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානයට අයත් සේනාංකය, තායිවාන දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ ඒකාබද්ධ අභ්‍යාසය හා “Strait Thunder-2025A” යුද අභ්‍යාසය පැවැත්වීම, චීනය ජාතික ස්වාධිපත්‍යය, ආරක්ෂාව මෙන්ම සංවර්ධන ජයග්‍රහණ සුරක්ෂිත කිරීමේ අත්‍යවශ්‍ය පියවරකි. එමෙන්ම එය රට තුළ බෙදීම් ඇති කිරීමේ කුමණ්ත්‍රණය උත්සන්න කිරීමට එරෙහිව ලබාදුන් සාධාරණ දඬුවමක් බවද ඇය සඳහන් කළාය.

චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂය, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ම එකම චීනයට අයත් වීමේ වත්මන් තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දරමින් සිටී. එම කුමන්ත්‍රණය සංවර්ධනය වීමට ඉඩ දුනහොත්, තායිවාන ප්‍රදේශයේ ස්වදේශිකයන් භයානක යුද්ධයකට තල්ලු කරනු ඇත. එබැවින් මෙම තත්ත්වය දැඩිව පාලනය කර දඬුවම් කළ යුතු බව ඇය සඳහන් කළාය.

මේ අතර එකම චීනය පිළිබඳ මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන ඇමරිකාව ස්ථිර ලෙස අනුගමනය කළ යුතුය. ඇමරිකාව තායිවාන බෙදුම්වාදීන්ට විරෝධය දැක්විය යුතු අතර චීනය එක්සත් කිරීමට අනුබල දිය යුතු බවද චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකාව අවධාරණය කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here