27.3 C
Colombo
Tuesday, August 26, 2025

ඇමරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත් කර ගෙන ඇත–චීන විදේශ අමාත්‍යංශය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි.

ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රති-පියවර ගැනීම හේතුවෙන්, චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදු වන බව පසුගිය 15 වනදා ඇමරිකානු ධවල මන්දිර වෙබ් අඩවි වාර්තාවක් සඳහන් කළේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින්, අද(17) චීන විදේශ අමාත්‍යංශය පැවසුවේ, ඇමරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම මේ වනවිට අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත්ව ඇති බවයි. එයට කිසිදු ප්‍රායෝගික ආර්ථික තේරුමක් නොමැති බව චීනය මීට පෙර ද අවධාරණය කර ඇත. ඇමරිකාව බලහත්කාරයෙන් චීනයට හිරිහැර කිරීම සඳහා සිය තීරුබදු ප්‍රතිපත්තිය ආයුධයක් ලෙස භාවිත කරන බව මෙමගින් තවදුරටත් පිළිබිඹු වී තිබේ.

ඇමරිකාව චීනයේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සැලකිය යුතු ලෙස උල්ලංඝනය කිරීම අඛණ්ඩව සිදු කළහොත්, චීනය ද අවසානය දක්වා දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර සිටී.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here