ඇමරිකාව කලාපීය ස්ථාවරත්වයට අදාළ දැඩිම අවදානම් මුලාශ්‍රය බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ දකුණු චීන මුහුද පිළිබඳව ඇමරිකාව විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
සත්‍ය සහ සාක්ෂිවලින්, අදාළ ප්‍රකෝප කිරීම් සිදු කර ඇත්‍තේ පිලිපීනය විසින් බව සනාථ වී ඇත. ඇමරිකාව, සත්‍ය නොසලකා චීනය තම අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහා ගත් නීත්‍යනුකූල පියවරයන්ට එරෙහිව ද්වේෂ සහගත ලෙස මඩ ගසා ඇති බව Lin Jian මහතා පෙන්වා දුන්නේය. ඇමරිකා – පිලිපීන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම ප්‍රයෝජනයට ගනිමින් චීනයට තර්ජනය කිරීම ඇමරිකාවේ අරමුණය. මෙය හිතාමතාම ගැටුමක් ඇති කරමින් දකුණු චීන මුහුදේ සාමය කඩාකප්පල් කිරීම සඳහා ඇමරිකාවේ දුෂ්ට අභිප්‍රායක් බව පැහැදිලිය. තම භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කරන චීනය, අදාළ පාර්ශ්වයන් සමග සෘජු සාකච්ඡා හරහා සමුද්‍රීය අර්බුදය සාමකාමීව විසඳා ගත යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය. ඕනෑම තර්ජනයක් හෝ ප්‍රකෝප කිරීමක් හෝ නිෂ්ඵල වන අතර කිසිවිටෙක සාර්ථක නොවනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

