24.5 C
Colombo
Wednesday, February 25, 2026

ඇමරිකාව ඉදිරිපත් කළ “සාම මණ්ඩලය” පිළිබඳව බරපතල සැකයක් ඇති බවට යුරෝපා කවුන්සිලයේ සභාපතිගෙන් ප්‍රකාශයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව ඉදිරිපත් කළ “සාම මණ්ඩලය” පිළිබඳව බරපතල සැකයක් ඇති බව යුරෝපා කවුන්සිලයේ සභාපති Antonio Costa මහතා පවසයි. සභාපතිවරයා අද(23) යුරෝපා සංගම් හදිසි නායක රැස්වීමක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළේය.

ඇමරිකාව යෝජනා කළ “සාම මණ්ඩලය”‍ට අදාළව සම්පාදනය කර ඇති න්‍යාය පත්‍රයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් යුරෝපා සංගමයට බරපතල සැකයක් පවතී. එම මණ්ඩලයේ කාර්යභාරය, පාලන ව්‍යුහය මෙන්ම එම න්‍යාය පත්‍රය හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට එය අනුකූල වේදැයි යන කරුණුවලට අවධානය යොමු කළ බව ද හෙතෙම පැවසීය.

ඊයේ(22) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් හා ප්‍රදේශ 10ක නියෝජිතයන් සමග ඩාවෝස් හිදී අදාළ ලේඛන අත්සන් කරමින් ඊනියා “සාම මණ්ඩලය”ආරම්භ කර ඇත. එහෙත් පලස්තීනය හා ඊශ්‍රායලය එම නියෝජිත පිරිසට ඇතුළත් නොවීම විශේෂත්වයකි.

මෑතකදී මාධ්‍ය සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ එම “සාම මණ්ඩලය” පළමුව ගාසා ප්‍රශ්නය විසඳනු ඇති බවත් ඉන් පසුව වෙනත් ගැටුම් විසඳීමට අවධානය යොමු කරනු ඇති බවත්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සමාන්තර ආයතනයක් නිර්මාණය කිරීමට ඇමරිකාව උත්සාහ දරමින් සිටී. එය එක්සත් ජාතීන්ගේ අධිකාරිය හා ක්‍රියාකාරී යාන්ත්‍රණයට තවදුරටත් හානි සිදු කරනු ඇති බව මාධ්‍ය පවසා තිබේ. එබැවින් එම මණ්ඩලයට එක්වීම ඇතැම් ආරාධිත රටවල් එය ප්‍රතික්ෂේප කිරීම හෝ ඒ පිළිබඳ වැඩි ප්‍රවේශම් සහගත ආකල්පයක සිටී.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here