28.2 C
Colombo
Tuesday, August 26, 2025

ඇමරිකාව අධික තීරුබදු පැනවීම විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විවේචනයට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව අධික තීරුබදු පැනවීම විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විවේචනයට ලක් වෙයි.ඇමරිකාවේ එම තීරුබදු පියවර එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට දැඩි බාධාවක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා පවසයි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ හා වෙළඳපොල බුද්ධි අංශ ප්‍රධානියා කියා සිටින්නේ ඇමරිකාව තීරුබදු අනුපාතික ගණනය කිරීමේ ක්‍රමය ආර්ථික විද්‍යාවේ සම්මත ක්‍රමයට නොගැලපෙන බවයි. ඇමරිකාව අලුතෙන් පැනවූ තීරුබදු අදාළ රටවල් ඇමරිකානු නිෂ්පාදන සඳහා අය කරන සාමාන්‍ය තීරුබදු අනුපාතිකයන්ට වඩා බෙහෙවින් ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි. නිදහස් වෙළඳාම සහ රෙගුලාසි පදනම් වන ජාත්‍යන්තර වෙළඳ පටිපාටියෙන් ඇමරිකාව තවදුරටත් ඈත්වෙමින් සිටී. මේ පිළිබඳ කණගාටු වන බව ස්විට්සර්ලන්ත සම්මේලනයේ සභාපතිනි Karin Keller-Sutter මහත්මිය පවසයි. ප්‍රංශ අගමැතිවරයා ද ඉකුත් 5වැනි දා ඇමරිකාවේ නව තීරුබදු පියවර පිළිබඳ අදහස් දැක්විය. ඇමරිකාව අධික තීරුබදු පැනවීම හේතුවෙන් ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ හා විරැකියා අනුපාතය වැඩිවීමේ අවදානම් ඉහළ යනු ඇති බවත්, ඇමරිකාවේ ප්‍රතිපත්තිවල පවතින අවිනිශ්චිතභාවය දිගුකාලීන වශයෙන් ගෝලීය ආර්ථිකයට බාධා එල්ල කරනු ඇති බවත්, ඔහු කියා සිටී. එසේ ම බොලීවියානු විදේශ අමාත්‍යාංශය ඉකුත් 4වන දින නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ඇමරිකාව අධික තීරුබදු පැනවීම ජාත්‍යන්තර වෙළඳ රෙගුලාසි සහ ලෝක වෙළඳ සංවිධානයේ අදාළ නියාමයන්ට පටහැනි බවයි. ඇමරිකාවේ එම ක්‍රියාකලාපය ගෝලීය වෙළඳාම හැකිළීමට හේතු වනු ඇතැයි ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here