27.3 C
Colombo
Tuesday, August 26, 2025

ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාවේ ඊනියා හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව සහ චීන මධ්‍යම රජයේ හා හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ නිළධාරීන්ට ඊනියා සම්බාධක පැනවීමට එරෙහිව චීනය දැඩි විරෝධය පළ කරමින් එය හෙළා දකියි.

චීන රාජ්‍ය මණ්ඩලයේ හොංකොං සහ මැකාඕ සබඳතා කාර්යාලයේ ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඇමරිකාවේ මෙම පිළිකුල් සහගත ක්‍රියාව, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරනු ලබන මූලික සම්මතයන් පවා දැඩිව පාගා දමා ඇති බවත්, හොංකොං විශේෂ පරිපාලන කලාපය හා සම්බන්ධ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් හොංකොං හි නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය කර ඇති බවත් චීන ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත.

හෙතෙම පෙන්වා දී ඇත්තේ, ඇමරිකාවේ මෙම හැසිරීම, එරට අධිපතිවාදී මානසිකත්වය සහ උමතු හැසිරීම යළිත් වරක් මුළු ලොවටම හෙළි කළ අවස්ථාවක් බවයි.

හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය සහ ජාතික ආරක්ෂක ආඥා පනත මඟින් එරට ජාතික ආරක්ෂාව සහතික කර ඇති බවත්, ඒ යටතේ හොංකොං හි වැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කර ඇති බවත් චීන ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

එහෙත් ජාතික ආරක්ෂාවේ මුවාවෙන් ඇමරිකාව යළි යළිත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව හෙතෙම පවසයි.

ඇමරිකාව පෙන්නුම් කරනු ලබන මෙම ක්‍රියාව හොංකොං විශේෂ පරිපාලන කලාපය අස්ථාවර කිරීමේ අභිප්‍රාය මෙන්ම එරට කුහකත්වය මනාම පෙන්නුම් කරන්නක් බව ද චීන ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

කෙසේවෙතත් ඇමරිකාවේ මෙම ඊනියා වාර්තාව සහ සම්බාධක මඟින් හොංකොං හි ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා චීන මධ්‍යම රජයේ සහ හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජයේ අධිෂ්ඨානය සෙලවිය නොහැකි බව ද හෙතෙම අවධාරණය කර තිබේ.

හොංකොං හි පවතින වඩාත් ආරක්ෂිත සහ ස්ථාවර සංවර්ධනීය පරිසරය, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සිටී. ගෙවුණු සතිය තුළ හොංකොං හි පැවති ආර්ථික හා මූල්‍ය අවස්ථාවන් වෙනුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින් රැසක් එක්ව ඇති අතර එමඟින් ගෝලීය ප්‍රජාව හොංකොං කෙරෙහි ඇති විශ්වාසය පෙන්නුම් කරන බව ද චීන ප්‍රකාශකවරයා පවසයි.

එමෙන්ම හොංකොං හි ආරක්ෂාව මෙන්ම එහි සමෘධිය හා ස්ථාවරත්වය වෙනුවෙන් සැමවිටම හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජයේ දැඩි සහයෝගය ලබා දී ඇති බවත්, එක් රටක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තියෙහි ප්‍රගතිය අවහිර කිරීමට ගන්නා වූ ඕනෑම උත්සාහයකට එරෙහිව දැඩිව විරුද්ධ වන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here