26.9 C
Colombo
Monday, August 25, 2025

ඇමරිකාවේ වෙළෙඳ බාධාවන්ට එරෙහිව වහාම දැඩි පියවර ගන්නා බව යුරෝපා සංගමය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව යුරෝපා සංග‍මයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 25%ක තීරුබදු පැනවීමට තීරණය කර ඇති අතර එය “ඉක්මනින්” ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි. ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා ඊයේ(26) ධවල මන්දිරයේ දී මාධ්‍ය වෙත මේ බව සඳහන් කරමින් පැවසුවේ, එම 25%ක තීරුබදු අනුපාතය, මෝටර් රථ සහ වෙනත් විවිධ භාණ්ඩ සඳහා අදාළ වනු ඇති  බවයි. යුරෝපා සංගමය  සහ ඇමරිකාව අතර පවතින වෙළෙඳ හිඟය ඇ.ඩොලර් බිලියන 56ක් පමණ වන බව මීට පෙර ඇමරිකාවේ POLITICO පුවත් ජාලය වාර්තා කර ඇත.

මේ අතර, ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරුබදු පැනවීමේ ප්‍රකාශය පිළිබඳව, නිදහස් වෙළඳාම හා සාධාරණත්වයට එරෙහි වෙළඳ බාධවන්ට එරෙහිව, යුරෝපා සංගමය වහාම දැඩි ප්‍රතිචාර දක්වනු ඇතැයි යුරෝපා කොමිසම ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ. යුරෝපා සංගමය ලොව විශාලතම නිදහස් වෙළඳපොලයි. එහි පැවැත්ම ඇමරිකාවට වැදගත් වටිනාකමකින් යුතු බව, යුරෝපා කොමිසම සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here