26.7 C
Colombo
Sunday, August 24, 2025

ඇමරිකාවේ විශේෂ නියෝජිතයා සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථකයි – යුක්රේන ජනපති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාවේ විශේෂ නියෝජිතයා සමග පැවති සාකච්ඡාව සාර්ථක බව යුක්රේන ජනාධිපතිවරයා පවසයි.

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy මහතා එරට නිල සංචාරයක නිරත ව සිටින ඇමරිකාවේ විශේෂ නියෝජිත Joseph Keith Kellogg මහතා සමග යුක්රේන-රුසියා ගැටළු පිළිබඳව ඊයේ(20) සාකච්ඡාවක් සිදු කර ඇත. යුද බිමේ වාතාවරණය, ද්විපාර්ශ්වික සහයෝගිතා සහ ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක් ඔවුන්ගේ අවධානයට ලක් වී තිබේ. ඊයේ(20) රාත්‍රීයේ සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් සිදු කරමින් Zelenskyy ජනාධිපතිවරයා පැවසුවේ මෙම  සාකච්ඡාවෙන් සාර්ථක ප්‍රතිලාභ හිමි වනු ඇති බවයි.

ඇමරිකාව සමග එක්වආයෝජනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රබල මෙන් ම ප්‍රායෝගික’ ගිවිසුම්වලට අත්සන් තැබීමට යුක්රේනය සූදානමින් සිටී. මේ වෙනුවෙන් සිය රට පුළුල් හා සංවර්ධනාත්මක පහසුකම් සපයා ඇතැයි ද යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේය.

Joseph Keith Kellogg මහතා ඉකුත් 19 වැනි දා යුක්රේනයේ Kiev නගරයට ළඟා වෙමින් සිය නිල සංචාරය ආරම්භ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here