27.4 C
Colombo
Sunday, August 24, 2025

ඇමරිකාවේ වානේ සහ ඇලුමිනියම් තීරුබදු වලට එරෙහිව යුරෝපා සංගමයෙන් දැඩි ප්‍රති-පියවර

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ආනයනික වානේ සහ ඇලුමිනියම් සඳහා තීරුබදු පැනවීමට ඇමරිකාව ගත් තීරණයට එරෙහිව දැඩි විරෝධය පළ කරන බව යුරෝපා සංගමයේ නායකයෝ ඊයේ(11) ප්‍රකාශ කළහ.

යුරෝපා සංගමය මත ඇමරිකාව මෙලෙස අසාධාරණ තීරුබදු පැනවීමට එරෙහිව ප්‍රති-පියවර ගැනීමට සූදානම් බව යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය. යුරෝපා සංගමය එහි ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට අඛණ්ඩව ක්‍රියා කරනු ඇති අතර තමන්ගේ සේවකයින්, ව්‍යාපාර සහ පාරිභෝගිකයින් ආරක්ෂාව සහතික කරන බව ද  ඇය වැඩිදුටරත් පැවසුවාය.

එමෙන් ම, ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් නුවර දී පැවති යුරෝපා පාර්ලිමේන්තුවේ පූර්ණ සැසියේදී, යුරෝපා කොමිසමේ වෙළඳ හා ආර්ථික කටයුතුවල ආරක්ෂාව පිළිබඳ නිලධාරී Maroš Šefčovič මහතා අනතුරුඅඟවමින් සඳහන් කළේ මෙය දෙපාර්ශ්වයටම හානිදායක තත්ත්වයක් වන බවත් එවැනි තීරුබදු සමස්ත  ආර්ථිකයටම හානි ඇති කරන බවත්ය.

ඇමරිකාවේ ජනාධිපති Donald Trump මහතා පසුගිය 10 වන දා ඇමරිකාවට ආනයනය කරන සියලුම වානේ සහ ඇලුමිනියම් සඳහා 25% ක තීරුබදු පැනවීම ප්‍රකාශයට පත් කරමින් විධායක නියෝගයකට අත්සන් තැබීය. ඊට අමතරව, එම නවතම පියවර මගින් යම් වෙළඳ හවුල්කරුවන් සඳහා වානේ සහ ඇලුමිනියම් සඳහා තීරුබදු රහිත කෝටා සහ නිදහස් කිරීම් ද අවලංගු කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here