27.3 C
Colombo
Tuesday, August 26, 2025

ඇමරිකාවේ වංචනික ස්වභාවයන් පිළි නොගන්නා චීනය ඊට එරෙහිව ප්‍රතිපියවර ගන්නා බව චීන විදේශ ඇමති කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව සිය වංචනික ස්වභාවය තවදුරටත් ඉස්මතු කරන්නේ නම් චීනය අනිවාර්යයෙන් ම ප්‍රතිපියවර ගන්නා බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා රුසියාවේ නිල සංචාරයක නිරතවන අතරතුර Russia Today ජාත්‍යන්තර මාධ්‍ය සමූහයේ විශේෂ සම්මුඛ සාකච්ඡවට එක් වෙමින් මේ බව පැවසීය. එහිදී ඇමරිකාවේ නිෂ්පාදිතයන්ට එරෙහිව තවදුරටත් අතිරේක තීරු බදු පැනවීමක් සිදු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ පැනයක් ඉදිරිපත් විය. ඊට සිය අදහස් දක්වමින් චීන විදේශ ඇමතිවරයා සඳහන් කළේ ගැටළුවලට මුහුණ දීමේ දී ඇමරිකාව සිය වගකීම් හා යුතුකම් බැහැර කර අත්තනෝමතික ව තීරු බදු ඉහළ දැමීම, සිය ගැටළු විසඳීමට හිතකර නොවන බවත් එය ගෝලීය වෙළඳපොළට දැඩි බාධාවක් බවත් ය.

ඒ අතරින් Fentanyl යන බලගතු වේදනා නාශකය පිළිබඳ ගැටළුව කැපී පෙනේ. ඇමරිකාව Fentanyl මුවාවෙන් චීනයට එරෙහිව දෙවතාවක් තීරු බදු ඉහළ දමා ඇත. එරට තුළ Fentanyl වල අනිසි භාවිතයන් එරට විසින් ම නිරාකරණය කර ගත යුතු ගැටළුවකි. ඇමරිකාව සිතාමතා ව චීනයට එරෙහිව තවදුරටත් පීඩා එල්ල කරන්නේ නම්, කිසිවෙටකත් ආධිපත්‍යය පිළි නොගන්නා චීනය අනිවාර්යයෙන් ම ඊට එරෙහිව ප්‍රතිපියවර ගන්නා බව වං යී මහතා සඳහන් කර තිබේ.

එසේ ම, එකිනෙකාට ගරුත්වය දැක්වීම චීනය හා ඇමරිකාව අතර සබඳතාවේ ප්‍රමුඛ කරුණකි. එම සබඳතාව ස්ථාවර, නිසි ආකාරයෙන් තිරසර සංවර්ධන දිශාවක වෙත ගෙන යාම වෙනුවෙන් දායකත්වයක් ලබා දීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සඳහන් කළේය

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here