මෑතකදී, ඇතැම් චීන සමාගම් සේවකයින් ඇමරිකාවට ඇතුළු වූ පසු පැය 60 කට ආසන්න කාලයක් ඇමරිකාවේ බලධාරීන්ගේ අනවශ්‍ය ප්‍රශ්න කිරීම් සහ රඳවා තබා ගැනීම්වලට ලක් වී, ඔවුන් පිටුවහල් කෙරුණු බව වාර්තා වේ.
චීනය මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය සහ දැඩි විරෝධය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(2) පැවති නිත්‍ය හමුවකදී පැවසීය. ඇමරිකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඔවුන්ගේ වැරදි ක්‍රියා වහාම නතර කළ යුතු බවත්, චීන සමාගම් සේවකයින්ගෙන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කිරීම් නතර කළ යුතු බවත් චීනය අවධාරණය කරයි. සිය පුරවැසියන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කිරීම සඳහා චීනය අධිෂ්ඨානශීලී සහ බලගතු පියවර අඛණ්ඩව ගනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

