28.2 C
Colombo
Tuesday, August 26, 2025

ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු පියවර හමුවේ චීනය ඉහල මට්ටමේ විවෘතභාවය නොසැලෙන සේ ඉදිරියට ගෙන යයි–චීන වාණිජ අමාත්‍යංශය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන වාණිජ අමාත්‍යංශය  ඊයේ (10) පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය හා දෙවැනි විශාලතම භාණ්ඩ පරිභෝජන වෙළඳපොල හිමි චීනය, ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු පියවර හමුවේ ඉහල මට්ටමේ විවෘතභාවය නොසැලෙන සේ ඉදිරියට ගෙන යන බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක් එහිදී සඳහන් කළාය. චීනය සිය ස්ථාවර සංවර්ධනයෙන් ගෝලීය ආර්ථිකයට වඩාත් වැඩි නිශ්චිත බවක් එකතු කිරීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.

තීරුබදු ගැටලුව පිළිබඳව ඇමරිකාව සමග සාකච්ඡා පවත්වන්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, පීඩනය, තර්ජනාත්මක අයුරින් ක්‍රියා කිරීම චීනය සමග සබඳතා පැවැත්වීමේ නිවැරදි ක්‍රමයන් නොවන බවයි. චීනය, ඇමරිකාව සමග සමාන දිශාවක් කරා ගමන් කරමින්, අන්‍යෝන්‍ය ගරුත්වය, යහපැවැත්ම, පොදු  ජයග්‍රහණය පිළිබඳ මූලධර්මයන්ට අනුකූව සංවාද හා සාකච්ඡා මගින් මතභේද විසඳීමට බලාපොරොත්තු වන බව ද ඇය පෙන්වා දුන්නාය.

දේශීය වෙළඳපොල ගවේෂණය කිරීමට, සිය අපනයන බාධාවන්ට ලක් විදේශ වෙළඳාමෙහි නිරත ව්‍යාපාරවලට සහාය දැක්වීමට රජය සූදානම් ය. දේශීය වෙළඳාම හා විදේශීය වෙළඳාම ඒකාබද්ධතාවයෙන් පාලනය කිරීමට පියවර ගැනේ. විවිධ අවදානම් හා අභි‍යෝගවලට මුහුණ දීමට චීනයේ විදේශ වෙළඳාමට විශ්වාසය හා හැකියාව සතු බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශිකාව සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here