Cairo හා Potsdam ප්‍රකාශනයන් පිළිබඳව ඇමරිකාව සිදු කළ වැරදි ප්‍රකාශ සම්බන්ධයෙන් අද (17) චීන විදේශ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රකාශක Lin Jian මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කර ඇත. තායිවාන ප්‍රදේශය යළි චීන මව්බිම හා එකතුවීම දෙවන ලෝක යුධ ජයග්‍රහණයක් මෙන්ම පශ්චාත් යුද ජගත් පටිපාටියේ වැදගත් කොටසකි.
ඇමරිකාව Cairo හා Potsdam ප්‍රකාශනයන්ට අත්සන් තැබූ පාර්ශ්වයකි. තායිවාන ප්‍රදේශය චීනයේ කොටසකි. එය ඓතිහාසික මෙන්ම නීත්‍යනුකූල සත්‍යයක් බව ඇමරිකාවට ඉතා පැහැදිලි යැයිද හෙතෙම ප්‍රකාශ කළේය. එහෙත් “තායිවාන ප්‍රදේශයේ ස්වෛරීභාවය තවමත් තීරණය කර නොමැත” යන අසත්‍ය ප්‍රකාශය විවෘතව ප්‍රචාරය කරන ඇමරිකාව, චීනය සිය ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩාව ආරක්ෂා කිරීමේ නිවැරිදි ක්‍රියා පිළිබඳව අයුතු සහගත ලෙසින් චීනයට චෝදනා එල්ල කර ඇත. එය ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික පටිපාටිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, “තායිවාන බෙදුන්වාදීන්ට” දරුණු වැරදි සංඥාවක් නිකුත් කිරීමක් බවද Lin Jian මහතා පැවසීය.
එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන සැබෑ ලෙස අනුගමනය කරමින් ඇමරිකාව කවර හෝ ආකාරයෙන් “තායිවාන බෙදුන්වාදීන්ට” සහාය දීම නතර කළ යුතු බවත් චීන අභ්‍යන්තර කටයුතුවලට මැඳහත් නොවිය යුතු බවත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද Lin Jian මහතා ප්‍රකාශ කළේය.