26.4 C
Colombo
Monday, August 25, 2025

ඇමරිකාවේ අධ්‍යාපනය ලබන චීන සිසුන් වෙනස් කොට සැලකීම නතර කරන ලෙසට චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාවේ අධ්‍යාපනය ලබන චීන සිසුන් වෙනස් කොට සැලකීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(20) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ “ චීන විශේෂ කමිටු ”සභාපති John Moolenaar ඊයේ ඇමරිකානු විශ්වවිද්‍යාල 6ක කුලපතිවරුන්ට ලිපි යොමු කර ඇතැයි වාර්තා වූ බව එහිදී මාධ්‍යවේදියෙක් සඳහන් කළේය. අප්‍රේල් මස පළමුදාට පෙර අදාළ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබන චීන සිසුන්ගේ තොරතුරු ලබා‍ දෙන ලෙසට John Moolenaar එම ලිපියෙන් ඉල්ලා තිබේ. ඇමරිකාවේ ආයතනවල චීන පර්යේෂකයන් සිටීම හේතුවෙන් ඔවුන්ට සංවේදී ද්විත්ව භාවිත තාක්ෂණයන්හී සෘජු ප්‍රවේශය ලබා ගත හැකි බව එම ලිපිවල සඳහන් වේ. මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය කුමක් දැයි එම මාධ්‍යවේදියා විමසීය.

ඇමරිකාවේ සිටින විදේශ සිසුන් පිරිස තුළ චීන සිසුන් ප්‍රමාණය හතරෙන් එකක් බව Mao Ning මහත්මිය පැවසුවාය. ජාතිකාරක්ෂාව පිළිබඳ සංකල්පය අයුතු ලෙස යොදා ගැනීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සැබවින්ම සහතික කරමින් චීන සිසුන් වෙනස් කොට සැලකීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරන බවද ඇය ප්‍රකාශ කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here