ඇමරිකාවේ “අතිශය පීඩනය” සාකච්ඡා පදනම විනාශ කරන බවට ඉරාන ජනපති චෝදනා කරයි. ඉරාන ජනාධිපති Masoud Pezeshkian මහතා ඊයේ(10) ඉරාන ඉස්ලාමීය විප්ලව ජයග්‍රහණයේ 46 වන සංවත්සර සැමරුම් උත්සවයේ දී මේ බව සඳහන් කරමින් පැවසුවේ, සතුරා බෙදීම සහ අසමගිය ඇති කිරීමට උත්සාහ කරන නමුත්, සතුරාගේ කුමන්ත්‍රණය සාර්ථක නොවනු ඇති බවයි. එකමුතුකම සහ ජාතික කටයුතු සඳහා ජනතා ක්‍රියාකාරී සහභාගීත්වය යනු ඉරානයේ සාර්ථකත්වයේ රහස බව ඔහු සඳහන් කළේ ය.
ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා පසුගිය 4වැනිදා ජනපති නියෝගයකට අත්සන් තබමින්, සිය පළමු ජනපති ධුර කාලය තුළ සිදු කළ ආකාරයට ඉරානයට එරෙහිව “අතිශය පීඩන” ක්‍රියාමාර්ග මාලාවක් නැවත ආරම්භ කිරීමට තීරණය කළේ ය.
මෙය ඉරාන ජනපති ගේ චෝදනාවට ලක්ව ඇති අතර, ඉරානය කලාපය අස්ථාවර කරන බවට ඇමරිකාව සිදු කළ ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කළේ ය. ඇමරිකාවේ සහාය ඇතිව ඊශ්‍රායලය ගාසා, ලෙබනනය, සිරියාව, ඉරානය සහ ඔවුන් බෝම්බ හෙලීමට කැමති ඕනෑම ස්ථානවල අහිංසක ජනතාවනට එරෙහිව බෝම්බ හෙලුවේ ය. මෙය අනාරක්ෂිතභාවයේ සැබෑ මූලාශ්‍රය බව, Masoud Pezeshkian මහතා අවධාරණය කළේ ය.