27.6 C
Colombo
Monday, August 25, 2025

ඇමරිකානු “නාවික ගමනාගමනයේ නිදහස” යන්න ජාත්‍යන්තර නීතියේ පදනමක් නොමැති අදහසකි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“ඇමරිකානු ‘නාවික ගමනාගමනයේ නිදහස’ පිළිබඳ නීති තක්සේරු වාර්තාවේ” චීන භාෂා සහ ඉංග්‍රීසි භාෂා අනුවාදයන් එළි දැක්වේ.

චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ සමුද්‍ර සංවර්ධන උපාය මාර්ග ආයතනය විසින් අද(25) නිකුත් කරන ලද මෙම වාර්තාව, “නාවික ගමනාගමනයේ නිදහස” සම්බන්ධ ඇමරිකානු ප්‍රකාශ හා භාවිතයන් ජාත්‍යන්තර ගිවිසුම් සහ සාමාන්‍ය ජාත්‍යන්තර නීතිවලට අනුකූලද යන්න මෙන්ම ඊට නීතිමය පදනමක් තිබේද යන්න තක්සේරු කරයි.

ඇමරිකානු මාදිලියේ “නාවික ගමනාගමන නිදහස” යන්න ජාත්‍යන්තර නීතියේ පදනමක් නොමැති අදහසක් බවත් ජාත්‍යන්තර නීතියේ අර්ථයන් සහ සංවර්ධනය බරපතල ලෙස විකෘති කර ඇති බවත් එම වාර්තාව විශ්වාස කරයි. අනෙකුත් රටවලට පීඩනය යෙදීම සඳහා යුද බලවේගය භාවිත කිරීමේ ඇමරිකාවේ නිත්‍ය ක්‍රියාමාර්ග ඉන් පිළිබිඹු කෙරේ.

ඇමරිකානු ඊනියා “නාවික ගමනාගමන නිදහස” ඇමරිකානු ජාතික අවශ්‍යතා සහ එහි භූ දේශපාලනික උපාය මාර්ගයට සේවය කරන්නක් වන අතර, ඉන් අතාර්කිකත්වයක් සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබිඹු  කෙරෙන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here