29.7 C
Colombo
Saturday, August 23, 2025

ඇමරිකානු නව ජනපති ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට චීන ජනපතිගේ විශේෂ නියෝජිතයෙක් යොමු කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකානු පාර්ශ්වයේ ආරාධනයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත උප ජනාධිපති Han Zheng මහතා ඇමරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පදවි ප්‍රාප්ති උත්සවයට එක්වීමට නියමිත ය. එම උත්සවය එළඹෙන ජනවාරි 20 වන දින ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. හිදී පැවැත්වෙනු ඇත. මේ බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකයෙක් ඊයේ(17) නිවේදනය කළේය.

චීනය ඇමරිකාව සමග සබඳතා පවත්වා ගෙන යාමේදී සහ එය වර්ධනය කර ගැනීමේදී අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාවයේ මූලධර්ම අනුගමනය කරන බව ද එම ප්‍රකාශකයා කියාසිටියේය.

නව ඇමරිකානු රජය සමග සංවාදය සහ සන්නිවේදනය වැඩි දියුණු කර ගනිමින්, වෙනස්කම් නිසි අයුරින් කළමනාකරණය කොට, අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කිරීම චීනයේ අපේක්ෂාවයි. එමෙන්ම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ස්ථායී මෙන්ම හිතකර දිගුකාලීන චීන-ඇමරිකානු සම්බන්ධතාවයක් එක්ව ගොඩනැඟීමට සහ අන්‍යෝන්‍ය සුහදත්වයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here