26.4 C
Colombo
Thursday, August 21, 2025

ඇමරිකානු ආර්ථිකයට තීරු බදුවලින් අහිතකර බලපෑම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාත්මක කරන තීරුබදු ප්‍රතිපත්තියේ ඍණාත්මක බලපෑම ක්‍රමයෙන් මතුවෙමින් පවතින අතර, ඇමරිකානු ආර්ථිකයේ දුර්වලතාවයන් ඉස්මතු වෙමින් පවතී. Yahoo මූල්‍ය නාලිකාව ඊයේ (3) පළ කළ වාර්තාවක මේ බව සඳහන් විය.

ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුව පසුගිය 1වැනිදා නිකුත් කළ ආර්ථික දත්ත උපුටා දැක්වූ ‍එම වාර්තාව සඳහන් කළේ ඇමරිකා ශ්‍රම වෙළඳපොළ සිසිල් වීමේ පැහැදිලි සලකුණු පෙන්නුම් කර ඇති බවයි. ජූලි මාසයේදී ඇමරිකාවේ විරැකියා අනුපාතය පෙර මාසයට වඩා සියයට 0.1 කින් ඉහළ ගොස් 4.2% ක් වී ඇත. ආයතනික බඳවා ගැනීම් මාස හතක අවම මට්ටමකට පැමිණ ඇත.

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තියෙන් දේශීය සමාගම් කෙරෙහි එල්ලවන බලපෑම් දැනටමත් පැහැදිලි වී ඇති බව ද එම වාර්තාව පෙන්වා දුන්නේය. වසරේ දෙවන භාගය ආරම්භයේදී ඇමරිකානු ආර්ථිකය දැඩි අභියෝගයන්ට මුහුණදීමේ සලකුණුද දැකිය හැකිය. ට්‍රම්ප් පරිපාලනය වෙළඳ හවුල්කරුවන් වෙත තීරුබදු පැනවීමත් සමඟ වෙළඳ ගැටුම් අඛණ්ඩව උත්සන්න විය. “තීරුබදුවලින් කිසිදු බලපෑමක් නැත” යන ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රකාශය සත්‍ය නොවන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here