26.1 C
Colombo
Thursday, February 26, 2026

ආසියා ශාන්තිකර කලාපයේ විවෘත ආර්ථිකයක් වෙනුවෙන් චීන ජනපතිගෙන් යෝජනාවලියක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

APEC නායකයින්ගේ 32 වන නිල නොවන සමුළුවේ පළමු අදියරේ සැසිවාරය අද (31) උදෑසන දකුණු කොරියාවේ Gyeongju නගරයේ දී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊ‍ට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය.

‘සහයෝගීත්වයෙන් යුත්, පොදු ප්‍රතිලාභී විවෘත ආසියා-පැසිෆික් ආර්ථිකයක් පොදුවේ එක්ව ගොඩනැගීම’ යන මැයෙන් දේශනය කරමින්, ෂී ජින්පිං මහතා එහිදී පැවසුවේ, වත්මන් ජාත්‍යන්තර තත්ත්වය කැළඹිලි හා සංකීර්ණ වෙමින් පවතින බැවින්, ආසියා-පැසිෆික් කලාපීය දියුණුව තුළ ද අස්ථාවරත්වය හා අවිනිශ්චිතතාව යන සාධක ඉහළ යමින් පවතින බවය.

ආර්ථික ප්‍රවර්ධනය සහ ජනතා යහපැවැත්ම වැඩිදියුණු කිරීම යන APEC හි ආරම්භක මෙහෙවර ඉදිරියටත් ආරක්ෂා කළ යුතු බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම විවෘතභාවය සහ සංවර්ධනය තුළින් අවස්ථා බෙදා ගන්නා අතර පොදු ජයග්‍රහණය ඉටු කිරීමට උත්සාහ කළ යුතුය. තවද, සහයෝගීත්වයෙන් යුත්, පොදු ප්‍රතිලාභී ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමෙන් පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව ක්‍රියා කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කළ ෂී ජින්පිං මහතා, ඒ වෙනුවෙන් යෝජනා 5ක් ඉදිරිපත් කළේ ය.

ඉන් පළමු යෝජනාව ලෙස ඔහු සඳහන් කළේ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය පොදුවේ ආරක්ෂා කළ යුතු බවයි. මේ සඳහා, ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියේ අධිකාරීත්වය සහ වලංගුභාවය තහවුරු කළ යුතුය. ජාත්‍යන්තර වෙළඳ සහ ආර්ථික නීතිරීති, සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් මනා ව සහතික වීම ප්‍රවර්ධනය කළ යුතුය.

දෙවනුව, විවෘත කලාපීය ආර්ථික පරිසරයක් බිහි කිරීමට එක්ව ක්‍රියා කළ යුතුය. වෙළඳ හා ආයෝජන නිදහස්කරණය සහ පහසුකරණය අඛණ්ඩව වැඩිදියුණු කරමින් කලාපීය ආර්ථික ඒකීයකරණය ස්ථාවරව ඉදිරියට ගෙන යා යුතුය.

තෙවනුව, කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වය සහ විධිමත් ක්‍රියාකාරිත්වය ඒකාබද්ධව පවත්වා ගෙන යා යුතුය. ආසියා-පැසිෆික් කලාපයේ විවෘත සංවර්ධනයේ පදනම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, පොදු ප්‍රතිලාභ ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සැපයුම් දාමවල විවෘත සංවර්ධනයට සහාය විය යුතුය.  .

සිව්වනුව, වෙළඳාම් ඩිජිටල්කරණය සහ හරිතකරණය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම ද වැදගත්ය. දේශසීමා අතර වෙළඳාම් පහසුකරණයේදී ඩිජිටල් තාක්ෂණයේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත හැකිය. එමෙන්ම හරිත කර්මාන්තය, පිරිසිඳු බලශක්තිය හා හරිත ඛනිජ සම්පත් සහයෝගීතාව ව්‍යාප්ත කිරීමට ද අවධානය යොමු කළ යුතුය.

පස්වනුව, සහයෝගීත්වයෙන් යුත් පොදු ප්‍රතිලාභී සංවර්ධනය ඒකාබද්ධව ඉදිරියට ගෙන යා යුතුය. අසමතුලිත සංවර්ධනයේ ගැටලුව විසඳීමට අවධානය යොමු කරමින් කලාපයේ සමස්ත ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන සේ වඩාත් සහයෝගී සහ තිරසර බවෙන් යුත් ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කළ යුතු බවට ද ෂී ජින්පිං මහතා යෝජනා ඉදිරිපත් කර ඇත.

විවෘතභාවය පිළිබඳ මූලික ජාතික ප්‍රතිපත්තියෙහි රැඳී සිටින චීනය, විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම පෙළඹවීමට ද ප්‍රා‍යෝගිකව ක්‍රියා කර ඇත. නොබෝ කලකට පෙර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය රටේ 15 වන පස් අවුරුදු සැලැස්ම සම්පාදනය කිරීම පිළිබඳ යෝජනාව සම්මත කළේය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන, චීනය සිය ‍ප්‍රතිසංස්කරණ හා ඉහළ මට්ටමේ විවෘතභාවය තවදුරටත් ඉදිරියට මෙහෙයවමින් චීන මාදිලියේ නවීකරණයේ නව ජයග්‍රහණ මඟින් ආසියා-පැසිෆික් කලාපයටත් ලෝකයටත් අඛණ්ඩව නව අවස්ථා ලබා දීමට උත්සාහ කරනු ඇතැයි ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here