28.1 C
Colombo
Sunday, August 24, 2025

ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දී පහන් කූඩු උත්සවය සමරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දී පහන් කූඩු උත්සවය සැමරීම” යන ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු උත්සවය 9 වන ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙලේ ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (12) පස්වරුවේ පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයේ CGTN සහ Heilongjiang වාර්තාකරණ මධ්‍යස්ථානය එක්ව එය සංවිධානය කළේය.

ආසියාවේ විවිධ රටවල් සහ කලාපවලින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්,නියෝජිත කණ්ඩායම් සාමාජිකයින් සහ මාධ්‍ය‍වේදීහු Harbin නගරයේ දී අස්පෘශ්‍ය සංස්කෘතිකාංග සහ ජන සිරිත් විරිත් සමඟ අන්තර්ක්‍රියා හරහා පහන් කූඩු උත්සවය සැමරීමට එක් වූහ.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ පළමු උප සභාපති Timothy Fok මහතා, ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ප්‍රවෘත්තිප්‍රචාරක සහ විකාශන කමිටුවේ අධ්‍යක්ෂ Zhou Jian මහතා මෙන්ම විවිධ රටවල් සහ කලාපවල නියෝජිත කණ්ඩායම් ප්‍රධානීහු ද ඒ අතර වූහ. එමෙන් මආසියානු ඔලිම්පික් කවුන්සිලයශ්‍රී ලංකාවඑක්සත් අරාබි එමීර් රාජ්‍යයකටර් රාජ්‍යය ඇතුළු රටවල් හා කලාප 9කින් පැමිණි නියෝජිතයෝ ද ඊට සහභාගී ව සිටියහ.

මෙහිදී විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි සහභාගිවන්නන්ට සන්නිවේදනය සහ අන්තර්ක්‍රියා සඳහා වේදිකාවක් විවෘත වූවා සේම ආසියානු රටවල් අතර සංස්කෘතික අවබෝධය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය වීම ද සිදු විය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here