27.7 C
Colombo
Friday, August 22, 2025

ආර්ථික වර්ධනයේ මනා ආරම්භයක් සාක්ෂාත් කරගැනීමට ක්‍රියා කළ යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙම වසරේ ආර්ථික වර්ධනයේ මනා ආරම්භයක් සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ කටයුතු ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඊයේ(2) ශැන්තුං පළාතේ නිරීක්ෂක චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මේ බව පැවසීය.

ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ආර්ථික කාර්ය සමුළුවේදී පැවැත්වූ වැදගත් දේශනයේ ජීවගුණය ගැඹුරින් ක්‍රියාත්මක කරමින් මෙම වසරේ ආර්ථික වර්ධනයේ මනා ආරම්භයක් ලබා ගැනීමට ප්‍රයත්න දැරිය යුතු බව හෙතෙම එහිදී කියාසිටියේය.

ශැන්තුං පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය මුළු ශක්තියෙන් ඉදිරියට ගෙන යමින් නව බලශක්ති පද්ධතිය වේගයෙන් ගොඩනැගිය යුතු බව Li Qiang මහතා එහිදී පෙන්වා දුන්නේය.

එසේම නව තාක්ෂණ හා නව ආකෘති ක්‍රියාවට නැංවීම සඳහා වැඩි අවස්ථා නිර්මාණය කරමින් නව ගාමක බලය සංවර්ධනය කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන ආර්ථික පළාතක් වන ශැන්තුං පළාත විවිධ ප්‍රතිපත්ති හා විධිවිධාන සහ කටයුතු හැකි ඉක්මනින් ක්‍රියාත්මක කොට ප්‍රායෝගික ජයග්‍රහණයෙන් ජාතික සංවර්ධනය වෙනුවෙන් වඩාත් වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here