24.5 C
Colombo
Wednesday, February 25, 2026

ආනයනික ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු අඩු කිරීමට ඉන්දියාව එකඟ වූ බව ඇමරිකාව කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා තීරුබදු අඩු කිරීමට ඉන්දියාව එකඟ වී ඇතැයි ඇමරිකානු වෙළඳ නියෝජිත Jamieson Greer මහතා පවසයි. එම භාණ්ඩ අතරින් කාර්මික නිෂ්පාදිතයන් සඳහා තීරුබදු 13.5% සිට සියයට බිංදුව දක්වා අඩු කරනු ඇති බව ඔහු ඊයේ (3) සඳහන් කළේ ය. ඉන්දියාව ඇතැම් කෘෂි නිෂ්පාදිත සඳහා යම් ආරක්ෂක පියවරයන් අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බව ද ඇමරිකානු වෙළඳ නියෝජිතයා පැවසීය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

මීට පෙර, තමන් ඉන්දීය අගමැතිවරයා සමග දුරකථන සංවාදයක නිරත වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “Truth Social”සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් කියා සිටියේ ය. දෙපාර්ශ්වය වෙළඳ ගිවිසුමකට එළඹි බවත්, එම ගිවිසුමට අනුව ඇමරිකාව ඉන්දීය භාණ්ඩ සඳහා පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු 25% සිට 18% දක්වා අඩු කර ඇති බවත් එම සටහනෙහි දැක් වේ. එමෙන්ම එම තීරුබදු පහත දැමීම වහාම ක්‍රියාත්මක කළ බවත්, ඉන්දියාව ඇමරිකාවට එරෙහි තීරුබදු සහ තීරුබදු නොවන ‍බාධක ඉවත් කරනු ඇති බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here