28 C
Colombo
Monday, August 25, 2025

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා තීරුබදු පහත දැමීමේ කටයුතු චීනය අරඹයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා වන නව තීරුබදු සකස් කරන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම නිවේදනය කරයි.

ඒ අනුව චීන රාජ්‍ය කවුන්සිලයේ, 2025 අංක 4 දරන රේගු තීරුබදු කොමිසමේ නිවේදනය ප්‍රකාරව‍‍ ඇමරිකානු නිෂ්පාදන සඳහා අතිරේක දැන්වීම් වටිනාකම් තීරුබදු ප්‍රතිශත වෙනස් කිරීමට පියවර ගනු ඇත,

එහිදී දින 90 ක මූලික කාලය සඳහා සියයට 24 ක ප්‍රතිශතය අත්හිටුවමින්, එම නිෂ්පාදන සඳහා ඉතිරිව ඇති අතිරේක දැන්වීම් වටිනාකම් තීරුබදු අනුපාතය සියයට 10 ක් ලෙස රඳවා ගැනෙන බව සඳහන් වේ.

එමෙන්ම රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම විසින් අප්‍රේල් මස 09 සහ 11 යන දිනවල නිකුත් කරන ලද අංක 05 සහ 06 දරන නිවේදන මගින් පනවන ලද එම භාණ්ඩ සඳහා සංශෝධනය කළ අතිරේක දැන්වීම් වටිනාකම් තීරුබදු අනුපාත ද ‍ඉවත් කිරීමට චීනය පියවර ගනු ඇත.

ඇමරිකාව විසින් පසුගිය මාසයේ දී පනවන ලද “අන්‍යෝන්‍ය තීරුබදු” වලට එරෙහිව ප්‍රතිචාර දක්වමින් චීනය එරටින් ආනයනය කරන නිෂ්පාදන සඳහා පිළිවෙලින් සියයට 84ක් සහ සියයට 125ක් දක්වා අතිරේක තීරුබදු ඉහළ නැංවීය.

ද්විපාර්ශ්වික තීරුබදු පහත දැමීම චීනයත් ඇමරිකාවත් අතර නිෂ්පාදක සහ පාරිභෝගික අපේක්ෂාවන්ට අනුකූල වනවා සේම දෙරට අතර ආර්ථික හා වෙළඳ හුවමාරුවට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද හිතකර වීමක් බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අවධාරණය කරයි.

චීන – ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී පසුගිය 10 සහ 11 යන දෙදින තුළ පැවති ඉහළ පෙළේ සාකචඡා අවසානයේ දෙරට අතර ඒකාබද්ධ නිවේදනයකට එළැඹිණ.

ඒ අනුව විධායක නියෝගයක් මඟින් පසුගිය 12 වැනි දා ඇමරිකාව නිවේදනය කර සිටියේ, මැයි මස 14 වැනි දින සිට චීනයට එරෙහිව පනවා ඇති තීරුබදු පහත දැමීමට පියවර ගන්නා බවයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here