27.4 C
Colombo
Monday, October 6, 2025

අපේක්ෂා කළ මට්ටමට වඩා ජූලි මාසයේදී ඇමරිකානු වෙළඳ ශේෂයේ පුළුල් වීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

අපේක්ෂා කළ මට්ටමට වඩා ජූලි මාසයේදී ඇමරිකානු වෙළඳ ශේෂයේ පුළුල් වීමක් වාර්තා ‍වෙයි.

ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ඊයේ(04) නිකුත් කළ වාර්තාවකට අනුව ජූලි මාසයේ වෙළඳ ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 78.3ක් දක්වා වර්ධනය වී ඇත. මීට පෙර ආර්ථික විද්‍යාඥයන් පුරෝකථනය කර තිබුණේ එය ඇමරිකානු ඩොලර් බිලියන 77.9ක් වනු ඇති බවයි. ජූනි මාසයේ වෙළඳ ශේෂය ඩොලර් බිලියන 59.1ක් ලෙසට වාර්තා වී තිබිණ. ගෝලීය වෙළඳ හවුල්කරුවන් වෙත ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ නව බදු පැනවීම් එළි දැක්වීමට පෙර  භාණ්ඩ හා අමු ද්‍රව්‍ය ආනයනයන් වේගවත් කිරීමට සමාගම් පියවර ගැනීම ජූලි මාසයේ දී මාස 4ක් තුළ ඉහළම වෙළඳ ශේෂයක් වාර්තා වීමට බලපා තිබේ. මූල්‍ය නොවන රත්‍රං ආනයනයන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එය සමස්ත ආනයන වටිනාකම් ඉහළ යාමට ද බලපා තිබේ. ජූලි මාසයේ දී ඇමරිකානු ආනයන සියයට 5.9කින් ඉහළ ගොස් ඇති අතර අපනයන ඉහළ ගොස් ඇත්තේ සියයට 0.3ක අගයකින් පමණි. භාණ්ඩ වෙළඳාමේ ශේෂය ඩොලර් බිලියන 18.2කින් වර්ධනය වී ඇති අතර සේවා වෙළඳාම් අතිරික්තය ඩොලර් බිලියන 1.1කින් අඩුවී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here