අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ චීන-මෙක්සිකෝ ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයේ මූලික ලක්ෂණය බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ අද(11) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී, මෙක්සිකානු ජනාධිපතිවරිය චීන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම කල් දැමීම පිළිබඳව වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමිනි.
චීනය සහ මෙක්සිකෝව ගෝලීය දකුණේ වැදගත් සාමාජිකයන් බවත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ දෙරටේ ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයේ මූලික ලක්ෂණය බවත් ලින් ජියන් මහතා ප්‍රකාශ කළේය. ඇතැම් රටවල් තීරුබදු අනිසි ලෙස භාවිත කිරීමේ පසුබිම හමුවේ, චීනය සහ මෙක්සිකෝව සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් නිදහස් වෙළඳාම සහ බහුපාර්ශ්විකත්වය ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු ය. එසේම ගෝලීය ආර්ථික ප්‍රකෘතිය සහ ගෝලීය වෙළඳ සංවර්ධනය එක්ව ඉදිරියට ගෙන යාමට දෙරටට දායක විය හැකි යැයි ද ඔහු කියා සිටියේය.

