26.1 C
Colombo
Sunday, August 24, 2025

අන්තර් දේශසීමා ඊ වාණිජ වෙළදාම් පිළිබද රෙගුලාසි ප්‍රශස්ත කරන ලෙසට චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

අන්තර් දේශසීමා ඊ වාණිජ වෙළදාම් පිළිබද රෙගුලාසි ප්‍රශස්ත කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ඇමරිකාව චීන අපනයනයන් වෙත පනවා ඇති අතිරේක ‍තීරු බදු ඇමරිකානු පාරිභෝගිකයන්ට අතිරේක පිරිවැයක් ගෙන දෙන අතර ඔවුන්ගේ භාණ්ඩ මිළඳී ගැනීමේ අත්දැකීමටද එය බලාපනු ඇති බව චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශක He Yongqian මහතා ‍ඊ‍යේ (6) ප්‍රකාශ කළේය.   

චීන මහ ගොඩබිමෙන් හා චීන හොංකොං විශේෂ පරිපාලනයෙන් ලැබෙන පාර්සල් පිළිගැනීම අත්හිටුවීමට ඇමරිකානු තැපැල් සේවය තීරණය කර පැය කිහිපයකට පසු යළි එය වෙනස් කිරීමේ අස්ථාවර ස්වභාවය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ අන්තර් දේශසීමා ඊ වාණිජ වෙළඳාමේ පැහැදිලි වාසි ඇති බවයි. එම වෙළඳාම පාරිභෝගික ඉල්ලුමේ අභිමතය  සපුරාලන අතර වේගවත් බෙදා හැරීමක් මෙන්ම අඩු පිරිවැයකින් ද යුතු වෙයි. එය ජාත්‍යන්තර වෙළඳාම් සංවර්ධනයේ සුවිශේෂී ප්‍රවණාතාවක් බවට පත්ව ඇතැයි ද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය. කවර රටක් තම වෙළඳ ප්‍රතිපත්ති කෙසේ සකස් කළද අන්තර් දේශසීමා ඊ වාණිජ්‍ය වෙළඳාමට ආවේණික වාසි සහ ලක්ෂණ වෙනස් නොවන බවද ඔහු වැඩිදුරටත් කීය. එබැවින් ජාත්‍යන්තර වෙළඳාමේ සංවර්ධන ප්‍රවණාතා මත රැ‍දෙමින් ඇමරිකාව ක්‍රියා කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා කීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here